Thursday, April 23, 2026
Homeදේශීයපල නොකියා පලා බෙදූ ජී.එල්ට පොහොට්ටුවේ මහා සභා රැස්වීමට එන්නැයි සාගරගෙන් ඇරයුම්..

පල නොකියා පලා බෙදූ ජී.එල්ට පොහොට්ටුවේ මහා සභා රැස්වීමට එන්නැයි සාගරගෙන් ඇරයුම්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙට(22) පැවැත්වෙන මහා සභා රැස්වීම සඳහා සහභාගී වන්නැයි පක්ෂ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පිරිස්ට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

මහා සභාවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් එහි ගනු ලබන සියලු තීරණ වලංගු භාවයෙන් තොර හා ශුන්‍ය හා ක්‍රියා විරහිත යන පදනම මත සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහාචාර්ය ජී.එල්. පීරිස් තම නීතිඥයින් හරහා දැනුම් දී තිබෙනවා.

මේ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ, ජී.එල් පීරිස් යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් ඔහු වෙත යොමු කළ බවයි.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව සිය පක්ෂය තුළ මහා සභාවක් ස්ථාපිත කර ඇති බව එම ලිපිය මගින් දැනුම් දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්ෂය සඳහන් කළේ, මහාචාර්ය ජී.එල්. පීරිස් පක්ෂ සභාපති ධුරයට පත් කර ගත්තේ ද 2016 වසරේ පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමකදී බවයි.

අවස්ථා ගණනාවකදී පක්ෂයේ මහා සභා රැස්වීමේ මුලසුන දැරූ මහාචාර්ය ජී.එල් පීරිස් මෙවැනි ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් විමතියට පත්වන බව එම පක්ෂය සඳහන් කළා.

READ:   හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට අධිකරණයෙන් නොතීසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්