Wednesday, September 9, 2026
Homeආගමිකරාමසාන් වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..

රාමසාන් වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට එම උපදෙස් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

රාමසාන් උත්සවය ලබන 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

READ:   තවත් වෙඩි තැබීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්