Thursday, June 4, 2026
Homeදේශීයලොරි රථයක ගැටී 11 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ලොරි රථයක ගැටී 11 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ඊයේ (18) දහවල් හෙට්ටිපොල මූණමල්දෙණිය, කටුපොත මාර්ගයේ දී පාසල් සිසුවෙකු ලොරි රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 11 ක් වන වලව්වත්ත, අනුක්කන්හේන ප්‍රදේශයේ පදිංචි මොරගනේ මහ විද්‍යාලයේ 06 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

පාසල නිමවී ලංගම බස් රථයකින් පැමිණි සිසුවා බස් රථයෙන් බැස බස් රථයට පිටුපසින් පාර මාරුවීමට යාමේදී කටුපොත දෙසට ධාවනය වූ ඩීමෝ බට්ටා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

අනතුර සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට්ටිපොල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනවා.

READ:   පාසලට දාන්න ලක්ෂ තුනක් අල්ලස් ගත් ගුරුවරයා මාට්ටු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්