Sunday, July 26, 2026
Homeදේශීයඅවාරයේ සිරිපා කරුණා කිරීම ගැන විශේෂ ඉල්ලීමක්

අවාරයේ සිරිපා කරුණා කිරීම ගැන විශේෂ ඉල්ලීමක්

අවාරයේ ශ්‍රීපාදය වන්දනා කිරීම සීමා කරමින් රාජ්‍ය අනුමැතියට යටත්ව සීමිත පිරිසකට පමණක් අවාරයේ ශ්‍රීපාද වන්දනාව සඳහා අවස්ථාව ලබා දිය යුතු බව ශ්‍රීපාදස්ථාණාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.

ශ්‍රී පාද වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කරීමේ විශේෂ පෙරහැර පිළිබඳව ඊයේ (18) පැවති උත්සවයක දී උන්වහන්සේ මේ බව පැවසුවා.

අවාරයේ ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන සමහරුන් වන්දනා මාර්ගයේ ජල නළ, වැසිකිළි , අම්බලම් ඇතුළු පොදු පහසුකම් වලට සහ පරිසරයට හානි කර ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

විදෙස් සංචාරකයින්ට සහ විශේෂ භාර හාර ඔප්පු කිරීම සඳහා පැමිණෙන පිරිසට පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර ලබා දිය යුතු බව උන්වහන්සේ මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලීම් කර සිටියා.

READ:   ඩීපෝ 7ක සේවකයින් බස් ධාවනයෙන් ඉවත්වෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්