Thursday, September 10, 2026
Homeදේශීයහිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද ත්‍රස්ත විමර්ශනයට

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද ත්‍රස්ත විමර්ශනයට

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (19) උදෑසන 09.00ට කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇති බව වාර්තා වෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව හිටපු නීතිපතිවරයා 2021 දී රූපවාහිනි නාළිකාවක සාකච්ඡාවකට සහභාගිවෙමින් ප්‍රකාශ කර තිබුණා.

රජයේ බුද්ධි සේවයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන දිනය , වෙලාව සහ තවත් තොරතුරු ලැබී තිබීම හරහා එම ප්‍රහාරය පිටුවස දැවැන්ත කුමන්ත්‍රණයක් තිබූ බව පෙනී යන බව ඔහු එම සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   නුවරඑළියට නායයෑමේ අනතුරු අඟවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්