ගම්පොල – හෙම්මාතගම මාර්ගයේ බුලත්ගමුව ප්‍රද්ශයේ දී ඊයේ (16) සවස කාර් රථයක් අඩි 12ක් පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් රථයේ සිටි වයස අවුරුදු 67ක් වන ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් මිය ගොස් තිබේ.
අනතුර සිදු වන විට රියදුරු සහ තවත් විදෙස් කාන්තාවන් දෙදෙනෙකු රථයේ සිට ඇත.
රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


