Friday, July 24, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි - දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අවදානමක්

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි – දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අවදානමක්

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල අද (09) සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇත.

බදුල්ල සහ රත්නපුර දිස්ක්‍රික්ක සඳහා එම අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. 

READ:   BREAKING NEWS: කොල්ලුපිටියේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටී බිහිසුණු අනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්