Wednesday, July 29, 2026
Homeදේශීයචමුදිතගෙන් ආරක්ෂක ලේකම් වන්දියක් ඉල්ලයි

චමුදිතගෙන් ආරක්ෂක ලේකම් වන්දියක් ඉල්ලයි

තමා ඉලක්ක කරගනිමින් අපහාසාත්මක කරුණු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් ආරක්ෂක ලේකම්,විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ අසේල ධර්මසිරි සහ ජී.පී. නිශ්ශංක අයට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් ඉල්ලා නඩු පවරා ඇත.

අසේල ධර්මසිරි යන අයකු විසින් truth with Chamuditha යන යූ ටියුබ් නාලිකාව තුළින් සහ ඔහුගේ මුහුණු පොත් ගිණුම් ගණනාවක් මගින් තමා ඉලක්ක කරගෙන විවිධ අපහාසාත්මක කරුණු මෑතකදී ප්‍රචාරය කිරීම තුළින් තමාගේ කීර්තිනාමයට මෙන්ම ප්‍රතිරූපයට හානියක් වූ බවට ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත.

එසේම www.ravanalankanews.lk යනුවෙන් හඳුන්වනු ලබන වෙබ් අඩවියක් මගින් මෑතකදී ප්‍රචාරය කර ඇති කරුණු මගින් ද තමා හට අපහාසයක් සිදුවූ බවට ප්‍රකාශ කරමින් ආරක්ෂක ලේකම්වරයා විසින් එම වෙබ් අඩවිය මෙහෙයවනු ලබන බවට සැලකෙන ජී.පී. නිශ්ශංක යන අයට එරෙහිවද රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

:උපුටා ගැනීම – දිවයින පුවත්පත

READ:   Sri Lanka Introduces First Rotary Car Parking System
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්