Sunday, September 13, 2026
Homeදේශීයකබ්රාල්ට එරෙහිව ගොනු කළ, බැඳුම්කරේ නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ

කබ්රාල්ට එරෙහිව ගොනු කළ, බැඳුම්කරේ නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ල නිෂ්ප්‍රභා කිරීමට ඊයේ (06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර තිබෙනවා.

මෙම නඩුව තවදුරටත් පවත්වා ගෙන යෑමට නොහැකි බව සඳහන් කරමින් විත්තියේ නිතීඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල නිශ්ප්‍රභ කර තිබුණා.

ඇමරිකානු ඩොලර් මිලියන 500ක බැඳුමිකර වංචාවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව එම පැමිණිල්ල ගොණු කර තිබුණා.

READ:   යාපනයේ මාළු ඇල්ලූ ඉන්දියාවේ ධීවරයෝ 9ක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්