Thursday, September 10, 2026
Homeදේශීයකෑගල්ල වෛද්‍යවරුන්ගෙන් විස්මිත සැත්කමක්

කෑගල්ල වෛද්‍යවරුන්ගෙන් විස්මිත සැත්කමක්

කෑගල්ල අලපලාවල, නිලපලාගම්මාන ප්‍රදේශයේ තරුණියකට බාප්පා කෙනෙකු විසින් මන්නයකින් කළ පහරදීමකින් ඇයගේ වම් අත සම්පූර්ණයෙන්ම වෙන්ව තිබියදී ඇය කෑගල්ල මුලික රෝහල වෙත පසුගියදා ඇතුළත් කර තිබුණා.

කෑගල්ල මූලික රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පෙරේදා (04) රාත්‍රී 9.00 සිට ඊයේ (05) අලුයම 1.00 දක්වා පැය හතරකට ආසන්න කාලයක් ඇයට සිදු කළ සැත්කමකින් පසු ඇයගේ අත තිබූ ආකාරයට බද්ධ කිරීමට සමත්ව තිබෙනවා.

තුවාලකාරිය කෑගල්ල මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

READ:   පොලිසියෙන් අහසට වෙඩි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්