Tuesday, September 15, 2026
Homeදේශීයරන් මිල පහළට

රන් මිල පහළට

රන් පවුමක මිල රුපියල් 10,000කින් පමණ නැවත වරක් මිල පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (22) දිනය වන විට කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 165,000 ක් දක්වාත් කැරට් 22 රන් පවුමක මිල රුපියල් 151,000ක් දක්වාත් මිල පහළ ගොස් තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම මෙරටට ලැබීමත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා යළි රන් මිළ මෙලෙස පහළ ගොස් තිබේ.

ඊයේ (22) දිනය වන විට ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312 ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 330.16 ක් ලෙසත් සටහන් විය.

READ:   රට බංකොලොත් කළ රාජපක්ෂවරුන් සුදනන් කරන්න යනවා - ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්