Sunday, April 19, 2026
Homeදේශීයආයේ නීතිවිරෝධී වර්ජනවලට ඉඩක් නෑ - බන්දුල

ආයේ නීතිවිරෝධී වර්ජනවලට ඉඩක් නෑ – බන්දුල

මින්පසු ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නීතිවිරෝධී වර්ජන සහ ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ පුරප්පාඩු සඳහා බඳවාත් සේවකයින් පිරිසකට පත්වීම් ලිපි ලබා දීමේ උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.

විවිධ දේශපාලන අරමුණු පදනම් කරගනිමින් විනයවිරෝධි ලෙස ජනතාව පීඩාවට පත් කරන අය ගැන කිසිදු තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක කිරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද දිනයේත් කතරගම සහ තවත් ඩිපෝ කිහිපයක නීති විරෝධී ලෙස වර්ජන ක්‍රියාත්මක සිදුකරන බව වාර්තා වී තිබෙනවා. කඩිනමින් ඒ පිළිබඳ කරුණු සොයා බලා විනය විරෝධී සහ නීති විරෝධී ලෙස කටයුතු කර තිබෙන සේවකයින් සම්බන්ධයෙන් නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන්නට නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඉතිහාසයේ ඇතැම් අඳුරු යුගයන් වල එවැනි කටයුතු වලට ඉඩ ලැබුනත් අප දැන් ගත කරන්නේ ඉතාමත් ශිෂ්ට සම්පන්න යුගයක්. එම නිසා මින් ඉදිරියට ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් ලැබෙන්නේ නැහැ.

READ:   විදුලි බිල 27 % කින් අඩු කරන්න පුළුවන්: මණ්ඩලය ජනතාව මුලා කරනවා - PUCSL (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්