Monday, April 20, 2026
Homeදේශීයශ්‍රී පාද මාර්ගය ආශ්‍රිතව පැතිර යන රෝගය වළක්වා ගැනීම සඳහා පරීක්ෂණ

ශ්‍රී පාද මාර්ගය ආශ්‍රිතව පැතිර යන රෝගය වළක්වා ගැනීම සඳහා පරීක්ෂණ

පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 10 දෙනෙක් දැනට රෝගී වී ඇති බවට වාර්තා වී ඇත.
ඒ අනුව මරණයට හේතුව මෙතෙක් නිෂ්චිතව තහවුරුවී නොමැති වුවත් රෝග ලක්ෂණ අනුව ආහාර විෂවීමක් හෝ බැක්ටීරියා ආසාදනයක් විය හැකි බවට සැක කරයි.
මේ සඳහා මේ දිනවල එරත්න , නල්ලතන්නිය , නුවරඑළිය මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන් විසින් වසංගත රෝග ආවේක්ශණ කටයුතු සිදු කරන අතර , ජල සාම්පල් ලබා ගැනීම , ආහාර සාම්පල් ලබා ගැනීම හා නැවතත් වෙළඳසල් පරීක්ශා කිරීම සිදු කරයි.
ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වලට නිරතවන සියලුම බැතිමතුන් හැකිතාක් පානීය ජලය උණුකර නිවාගෙන තම නිවසින් රැගෙන යන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිතව ගබඩා කර ඇති ආහාර පමණක් ලබා ගැනිමට සැලකිලිමත් වන්න.
මේ සම්බන්ධයෙන් කලබල වියයුතු නොමැති අතර යම් අවධානමක් ඇත්නම් සෞඛ්‍ය අංශ විසින් මහජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට ක්‍රියාමාර්ග ගනු ලැබේ.

:තොරතුරු – සමාජ මාධ්‍යයෙන්


READ:   පාසැල් ළමුන් වැඩිම පිරිසක් අද පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්