Saturday, July 25, 2026
Homeදේශීයඅස්ගිරි මල්වතු මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.

රට තුල උද්ගතව තිබූ දැඩි ආර්ථික දේශපාලන හා සාමාජීය අස්ථාවරත්වය යම් පමණකට හෝ සමනය වී තිබුණත් වර්තමානය වන විට ක්‍රියාත්මක අධික විදුලි ගාස්තු, ජල ගාස්තු, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යන්ගේ දැරිය නොහැකි මිල ඉහළයෑම් නිසා ජනජීවිතය අඩාල වී, ඇතිව ඇති සමාජ පීඩනය ගැන ජනාධිපතිවරයා මනා අවබෝධයකින් පසුවෙනු ඇතැයි අපේක්ෂා කරන බව එහි දැක්වෙනවා.

ඒ හේතුවෙන් ජනතාහිතවාදී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බව ලිපියේ සඳහන් වෙනවා.

පළාත් පාලන මැතිවරණය කල්දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවයක් ඇතිවීමට හේතුවී ඇති බවත් පක්ෂ දේශපාලන න්‍යාය ඉවතලා ජාතික ප්‍රතිපත්තියක් මත පදනම්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව මහනායක හිමිවරුන් පෙන්වාදී තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින්,

READ:   ගාලුමුවදොර අරගල භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත්කරගන්න - පොලීසිය කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්