Thursday, June 4, 2026
Homeදේශීයජෙරුසෙලමේ දේවස්ථානයකට ප්‍රහාරයක් - පුද්ගලයින් 07දෙනෙකු ජීවිතක්ෂයට

ජෙරුසෙලමේ දේවස්ථානයකට ප්‍රහාරයක් – පුද්ගලයින් 07දෙනෙකු ජීවිතක්ෂයට

නැගෙනහිර ජෙරුසෙලමේ දේවස්ථානයක ඊශ්‍රායල ජාතිකයන් 07 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේව මෙහයකට සහභාගි වී පිටව යමින් සිටි බැතිමතුන් පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

පලස්තීන ත්‍රස්තවාදියෙකු ලෙස සැලකෙන වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පලස්තීන සටන්කාමින් මෙතෙක් ප්‍රහාරයේ වගකීම භාර ගෙන නොමැති අතර ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් විසින් සැමරුම් උත්සවයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

READ:   රන්ජන්ගෙන් සිර දඬුවම ගැන මෝසමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්