Wednesday, April 22, 2026
Homeදේශීයකමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් 07ක් සහ සෙබළුන් 175ක් විසිර යයි

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් 07ක් සහ සෙබළුන් 175ක් විසිර යයි

කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉදුරාම බඳවා ගැනීම් අංක 34වන පාඨමාලාවේ විසිර යාමේ පෙළපාළිය සෙනසුරාදා (28) උෟව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී පැවැත්විණි. ඒ සදහා ප්‍රධාන පෙළේ ආරාධිත අමුත්තා ලෙස 68 වන සේනාංකාධිපති හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ මහතා පෙළපාළියට සහභාගී විය.

 මාස 18 කට වඩා වැඩි කාලයක් පැවති අභියෝගාත්මක හා දැඩි ශාරීරික හා මානසික පුහුණුවක් සාර්ථකව නිම කිරීමෙන් පසු නිලධාරීන් හත්දෙනෙකු සහ සෙබළුන් 175 දෙනෙකු මෙම නිර්භීත පුත්‍රයන්ගේ පවුලට සම්බන්ධ විය. 68 වන සේනාංකයේ සාමාන්‍යාධිකාරී අණදෙන නිලධාරීතුමා මෙම අවස්ථාවට කෙටි දේශනයක් කළ අතර අලුතින් එන් කමාන්ඩෝ භටයින්ට ඔවුන්ගේ අනාගත කටයුතුවලදී ඔවුන් ලබා දෙන දැඩි පුහුණුවේ වැදගත්කම හා අදාළත්වය සහ අනාගතයේ දී ඔවුන් භාර ගැනීමට යන ජාතික වගකීම පිළිබඳව සිහිපත් කළේය.

 නවක උපාධිධාරී නිලධාරීන් සහ සෙබළුන් උසස් කමාන්ඩෝ උපක්‍රම, කුඩා කණ්ඩායම් උපක්‍රම, සාම්ප්‍රදායික නොවන යුද උපක්‍රම, මෙහෙයුම් සැලසුම් කිරීම්, ආයුධ හැසිරවීම, ප්‍රගුණ සටන්, පුපුරණ ද්‍රව්‍ය හැසිරවීම, උපායශීලී සටන් ක්‍රම, ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම හා විශේෂ පුද්ගල ආරක්ෂා කිරීම හා යුධ සුනඛ හැසිරවීම යන දෑ පුහුණුව ලබා ඇත

Dinamina

READ:   ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන අපේ බාලදක්ෂයන්ට ජනපති කිවුව දේ…
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්