Saturday, September 12, 2026
Homeදේශීයප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා.

දිගු කාලයක් සිට රෝගීව සිටි එතුමා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (05) සවස අභාවප්‍රාප්ත වූ බව වාර්තා වුණා.

විශිෂ්ඨ වේදිකා රංගන ශිල්පියෙක් වන බුද්ධි වික්‍රම මහතා ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය දක්වා ඇති අතර වැලිකතර චිත්‍රපටිය තුළින් එතුමා සිනමාවට පිවිසියා.

රුපවාහිනිය හඳුන්වා දුන් මුල් කාලයේ පළිඟු මැණිකේ, තාරාදේවි, බැද්දේගෙදර, හිරුට මුවාවෙන්, අඹ යාළුවෝ.. වැනි අතිශ්‍යය සාර්ථක ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ එතුමා දිගුකාලයක් රෝගාතුරව සිට මියයන විට 83 වන වියෙහි පසුවුණා.

READ:   ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියනක් ඉක්ම වූ දඩයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්