Friday, July 24, 2026
Homeක්‍රීඩාලංකාවේ පිතිකරුවන්ගෙන් ඉන්දියාව පරිස්සම් විය යුතුයි! ඉන්දීය සුපිරි පිතිකරු කියයි

ලංකාවේ පිතිකරුවන්ගෙන් ඉන්දියාව පරිස්සම් විය යුතුයි! ඉන්දීය සුපිරි පිතිකරු කියයි

එළඹෙන ශ්‍රී ලංකා ඉන්දීය තරඟාවලියේදී ඉන්දිය කණ්ඩායම පරිස්සමෙන් යුතුව කටයුතු කළ යුතු බව
ඉන්දිය කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙක් වන ඉර්ෆාන් පතාන් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම යනු නරක කණ්ඩායමක් නොවන බවත් ඔවුන් ආසියානු කුසලානයේදී කටයුතු කළ විදිහ හොදින් කල්පනාවට ගත යතු බවත් ඉර්ෆාන් පතාන් පවසනවා.

කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග වැනි ඉන්දියාවට තර්ජනයක් විය හැකි ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බව ඔහු ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානකගේ නායකත්වය හොඳ තේරිමක් බවත් ඔහු නිර්භීතව වේගයෙන් පන්දුවට පහරදිය හැකි ක්‍රීඩකයෙකු වන බවත් ඉර්ෆාන් පතාන් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක තේරීම තමන් ප්‍රියකරන දෙයක් බව ඉර්ෆාන් පතාන් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ:   වැලිවේරියේ වෙඩි තැබීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්