Saturday, September 12, 2026
Homeදේශීයඅද සිට වැස්ස වැඩි වෙයි

අද සිට වැස්ස වැඩි වෙයි

දිවයිනේ උතුරු , උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර දෙවන එක්දින තරගය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්