Saturday, April 18, 2026
Homeක්‍රීඩාප්‍රබල ඉන්දියාව පරදා බංග්ලාදේශය ජය ගනි

ප්‍රබල ඉන්දියාව පරදා බංග්ලාදේශය ජය ගනි

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවති දෙවනි එක්දින ක්‍රිකට් තරඟයේ ජය ද තමන් සතු කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 2-0 ක් ලෙස තරඟයක් ඉතිරිව තිබියදී බංග්ලාදේශ කණ්ඩායම ජය ගත්තා.

දෙවන එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 271 ක් ලබා ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ මෙහෙන්දි හසන් ශතනයක් වාර්තා කළා.

ළකුණු 272 ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 266 ක් පමණයි.

ඒ අනුව දෙරට අතර පැවති දෙවන ඒක්දින තරඟයෙන් ලකුණු 5 ක තියුණු ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

READ:   බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානයට සුපිරි ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්