Saturday, October 17, 2026
Homeදේශීයපස්සර නමුණුකුළ මාර්ගය වැසෙයි

පස්සර නමුණුකුළ මාර්ගය වැසෙයි

මේ වන විට බදුල්ල ප්‍රදේශයට පවතින අධික සුළං තත්වයත් සමඟ මාර්ගයට ගස් කඩා වැටී පස්සර නමුණුකුල ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වෙනවා. ඒ හේතුවෙන් කොටුගහතැන්න හන්දියේ සිට නමුණුකුල ක්ලබ් හන්දිය දක්වා මාර්ගය තාවකාලිකව සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම පවසනවා.

ඊයේ රාත්‍රියේ හමා ගිය සුළඟින් පයිනස් ගස් විශාල ප්‍රමාණයක් මාර්ගයට ඇද වැටී ඇති අතර ප්‍රදේශයේ නිවාස රැසකට ද හානි සිදුවී ඇති බව වාර්තා වෙනවා.

විදුලි රැහැන් බිඳ වැටීම නිසා ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති අතර, තවදුරටත් පවතින දැඩි සුළං තත්වය නිසා මාර්ගය පිළිසකර කර ගැනීමට බධා එල්ලවී ඇති බවයි වාර්තා වූයේ.

READ:   ගොවි ගැටලු වලට විසදුම් අරන් තාක්ෂණය ගමට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්