Tuesday, July 28, 2026
Homeදේශීයකොරොනා එන්නත් මැයි සිට ලංකාවේ සැමටම දෙනවා

කොරොනා එන්නත් මැයි සිට ලංකාවේ සැමටම දෙනවා

කොරෝනා වයිරසය සඳහා වූ එන්නත ශ්‍රී ලංකාවේ ලක්ෂ 40 ක පිරිසකට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් සූදානම් කර තිබෙන බව වාර්තා වනවා.

ඒ සඳහා වියදම රුපියල් බිලියන 10 ක මුදලක් වැයවන බව දැනට ඇස්තමේන්තු ගත කර තිබේ.

කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරන්නේ මෙම එන්නත ලබන වසරේ මැයි මාසයේදී පමණ ලැබීමට නියමිත බවයි.

එන්නතක මිල ඇමරිකානු ඩොලර් 3.20 පමණ වන අතර එක් පුද්ගලයෙකුට මාත්‍රා 2 බැගින් ලබා දීමට නිතයි.

එන්නත මෙරටට ගෙන්වීමට නියමිතව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කිරීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යටත්වය.

එන්නත පළමුව ලබාදීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය සේවකයන් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසකට ප‍්‍රමුඛතාවය ලබා දෙමින්.

මෙම එන්නත ගෙන්වීම සඳහා රජයට අමතරව පෞද්ගලික අංශයටද මැදිහත් වීමට අවසර ලබාදීමට අවධානය යොමු වී ඇත.

ලෝකයේ රටවල් රැසක් කොරෝනා එන්නත් පර්යේෂණ ආරම්භ කර ඇති අතර ඒවා මේවන විට තුන්වන අදියරේ පවතී.

gagana

READ:   BREAKING NEWS: වැට් බදු පනත වැඩි ඡන්දෙන් සම්මතයි.
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්