Wednesday, June 10, 2026
Homeදේශීයරිෂාඞ්ට ඇප නෑ යළිත් රිමාන්ඞ්... උසාවි නියෝගය නොතැකූ සී. අයි. ඞී. අධ්‍යක්ෂට...

රිෂාඞ්ට ඇප නෑ යළිත් රිමාන්ඞ්… උසාවි නියෝගය නොතැකූ සී. අයි. ඞී. අධ්‍යක්ෂට නොතීසි

රජයට අයත් රුපියල් අනූපන් ලක්ෂයකට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ කොටුව මහෙස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඔහු මෙන්ම එම නඩුවේ තුන්වන සැකකාර ව්‍යාපෘති ගණකාධිකාරිවරයා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

එම නඩුවේ දෙවන සැකකාර සම්සුදීන් මොහොමඞ් යාසින් නමැති ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

ඇප ලබා ගැනීමෙන් පසුව සෑම දෙසතියකටම වරක් ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් විටෙක පෙනී සිට විමර්ශන සඳහා අවශ්‍ය ප‍්‍රකාශ ලබාදෙන ලෙසටත් එහිදී දෙවන සැකකරුට නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා ඔහුට විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඇපකරුවන් ලෙස ඔහුගේ බිරිඳ හා සොහොයුරා භාර ගැනීමට ද එහිදී නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා විදේශගත වීම වැළැක්වීමේ නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට ද නියෝග කළේය.

පසුගිය 20 වැනිදා රිෂාඞ් බදුර්දීන් මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සැරසුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ ඡුායාරූප ගැනීම හා වීඩියෝ ගත කිරීම වළක්වමින් මාධ්‍යවේදීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට තම අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ලබන 25 වැනිදා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නොතිසි යැවීමට ද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

අධිකරණය විසින් පසුගිය 20 වැනිදා කළ නියෝගය සම්බන්ධයෙන් මේ දක්වා නිසි විමර්ශනයක් සිදු කර නොමැති බවත් එවැනි දෙයක් නොවුණා සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ හැසිරීම අධිකරණයට කරනා අපහාසයක් බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කීවේය.

READ:   අපරාධ මඩින්න එන අලුත්ම සැලැස්ම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ එකී අයුතු හා පක්ෂග‍්‍රාහී හැසිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් පසුගිය 20 වැනිදා අධිකරණයට පෙන්වාදී තිබිණි.

පවත්නා කොවිඞ් වසංගත තත්ත්වය අනුව සිය සේවාදායකයාගේ ජීවිතයට අවදානමක් එල්ල වී ඇති බැවින් ඔහුව ඇපමත මුදාහරින ලෙසට රිෂාඞ් බදුර්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා පසුගිය 10 වැනිදා අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබිණි.

රිෂාඞ් බදුර්දීන් මහතා මේ වනවිට රඳවා ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ බවත් එම බන්ධනාගාරයේ කිසිදු රැුඳවියකු හෝ නිලධාරියකු කොරෝනා වසංගතයට ගොදුරු වී නොමැති බව පසුගිය 9 වැනිදා බන්ධනාගාර අධිකාරිවරයා විසින් ඉදිරිපත් කළ වර්තාව අනුව පැහැදිලි වන බවත් පවසමින් මහෙස්ත‍්‍රාත්වරයා එම ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.

වෙනත් බන්ධනාගාරවල රඳවා සිටින රැුඳවියන් හා නිලධාරීන් පිරිසකට කොරෝනා වසංගතය වැළඳුණ පමණින් හා නීතිපතිවරයා එකී වසංගතය ව්‍යාප්ත වීමට අවශ්‍ය පියවරක් ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නිර්දේශ නිකුත් කළ පමණින් ඒවා රිෂාඞ් බදුර්දීන් මහතාට ඇප ලබාදිය හැකි සුවිශේෂී කරුණු ලෙස තම අධිකරණයට පෙනී නොයන්නේ යැයි ද මහෙස්ත‍්‍රාත්වරයා එම ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමේ නියෝගය මගින් පෙන්වා දුන්නේය.

නීතිඥ ගෞරි තවරාසා මහත්මියගේ උපදෙස් මත නීතිඥ ආනෝල්ඞ් පි‍්‍රයන්තන්, නන්දන පෙරේරා, ආර්. එම්. රේෂාද්, ජනාධිපති නීතිඥ රාසික් සාරුක්, ජනාධිපති නීතිඥ කේ. වී. තවරාසා, ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සැකකාර පාර්ශ්වය නියෝජනය කළහ.

පසුගිය 2019 ජනාධිපතිවරණය පැවැති දින පුත්තලම ප‍්‍රදේශයේ තාවකාලික කඳවුරුවල රඳවා සිටි අවතැන්වූවන් ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා මන්නාරම ප‍්‍රදේශයට රැුගෙන යෑමට රජයට අයත් මුදල් පරිහරණය කළේ යැයි එම සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබිණි.

දිවයින පුවත්පත

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්