Wednesday, September 16, 2026
Homeදේශීයකාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

මධ්‍යම , සබරගමුව, බස්නාහිර, වයඹ, උතුරු මැද, දකුණු සහ ඌව පළාත්වල තැනිත් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි සමඟ තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවෙන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පවතින අකුණු සහිත වැසි තත්වය හේතුවෙන් පහත සඳහන් පියවර අනුගමනය කරනා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එළිමහනේ රැදී නොසිටින්න. ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටින්න.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි සහ ජලාශ වැනි විවෘත ස්ථාන වල රැදී සිටීමෙන් වලකින්න.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිත නොකරන්න.

බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිත නොකරන්න.

තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහන් බිම ඇද වැටීමට හැකියාව ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

අදාළ නිවේදනය පහතින්,

READ:   අපරාධ,සිවිල්,සහ වාණිජ නීති ප්‍රතිසංස්කරණයට කමිටු 3ක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්