Friday, June 5, 2026
Homeදේශීයබාහිර උපාධි සඳහා විශ්වවිද්‍යාල වලින් සල්ලි ගැනීම වැරදි, එහෙනම් අපි ඔවුන්ට බදු...

බාහිර උපාධි සඳහා විශ්වවිද්‍යාල වලින් සල්ලි ගැනීම වැරදි, එහෙනම් අපි ඔවුන්ට බදු ගහනවා – ජනපති (VIDEO)

තරුණ තරුණියන් වයස අවුරුදු 20, 21වන විට විශ්ව විද්‍යාලය අධ්‍යාපනය හමාර කළ යුතු බවත් රජයේ රැකියා අවස්ථා බොහෝමයක් නැතිව යන බැවින් රැකියා වෙළඳපොලට අවශ්‍ය ආකාරයට අධ්‍යාපනය සූදානම් කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසනවා.

විශ්ව විද්‍යාල තුළ බාහිර උපාධි සඳහා මුදල් අයකිරීම වැරදි කියාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. නිදහස් අධ්‍යාපනය නම් අභ්‍යන්තර හෝ භාහිර අධ්‍යාපනය නිදහස් එකක් විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපන වෙළඳාමක් ලෙස සිදු වෙනවා නම් විශ්වවිද්‍යාල වලින් ද බදු අයකිරීමට සිදු වන බව ජනාධිපතිවරයා අද (01) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර සිටියා.

නියමිත ක්‍රමයකට පොද්ගලික අධ්‍යාපන ක්‍රමයක් මෙරට තුළ ඇති කිරීම වැදගත් බවත් සයිටම් විශ්වවිද්‍යාලය ඇති කිරීමට යෑමේදී මුහුණ පෑමට සිදුවූ දුශ්කරතා පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කර සිටියා.

සම්පූර්ණ විස්තරය සහිත විඩියෝව පහතින්,

READ:   UPDATE: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්