Wednesday, September 30, 2026
Homeදේශීයමෙරට පළමු ඇඹුල් කෙසෙල් තොගය විදෙස්ගත කෙරේ

මෙරට පළමු ඇඹුල් කෙසෙල් තොගය විදෙස්ගත කෙරේ

මෙරට දී වගා කර අපනයනය කරන පළමු ඇඹුල් කෙසෙල් තොගය අද ඩුබායි දක්වා රැගෙන යෑමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.එලෙස ශ්‍රී ලංකාවේන් අපනයනය කිරීමට සුදානම් කර ඇති ඇඹුල් කෙසල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 12,500 ක් වන බවයි සඳහන් වන්නේ.

කෘෂි නවීකරණ ව්‍යාපෘතියට සමගාමීව රාජාංගන ප්‍රදේශයේ ඉඩම් අක්කර 500 ක භූමී ප්‍රදේශයක මෙම කෙසෙල් වගාව ඉතා සාර්ථක ලෙස සිදු කර තිබෙනවා.

සෑම සිතියකම සෙනසුරාදා දිනයේදී මෙරට ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළ දක්වා අපනයනය කිරීමට සූදානම් බවත් එමගින් සතිපතා ඩොලර් 10,000 ක ආදායමක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවා.

READ:   BREAKING: වරකාපොල බිහිසුණු අනතුරක්: එකම පවුලේ මව පියා සහ පුතා මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්