Tuesday, September 8, 2026
Homeදේශීයකැමති ඇඳුම් ඇන්ඳ ගුරුවරියන් ගැන විනය පරීක්ෂණ

කැමති ඇඳුම් ඇන්ඳ ගුරුවරියන් ගැන විනය පරීක්ෂණ

පාසැල් ගුරුවරියන් සඳහා නියමිත සාරිය, ඔසිරියෙන් භාහිරව වෙනත් ඇඳුම් වලින් සැරසී ඊයේ (21) පාසැල් වෙත පැමිණී ගුරුවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව වැඩ බලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ශාන්ත බණ්ඩාර පැවසුවා.

අද (22) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එතුමා ඒ බව සඳහන් කළා.

ගුරුවරුන්ගේ පාසැල් ඇඳුම කැමති කැමති ආකාරයට වෙනස් කිරීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් දැනුම් දී තිබියදී වෘත්තීය සමිති සහ NGO කණ්ඩායම් බලපෑම මත පාසැල් වලට තමන් කැමති ඇඳුම් ඇඳගෙන යමින් කටයුතු කළ ගුරුවරුන් සම්බන්ධයෙන් සාකච්ඡා කර විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව වැඩ බලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

READ:   ආසියාවේ සමගියට බාධා වන කිසිදු කාර්යයකට ශ්‍රී ලංකාව අනුබල දෙන්නේ නැහැ - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්