Thursday, April 23, 2026
Homeදේශීයපොලිස් කොමිසමේ හැසිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට කරන අපහාසයක්

පොලිස් කොමිසමේ හැසිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට කරන අපහාසයක්

ජාතික පොලිස් කොමිසමේ ප්‍රධානීන්ගේ හැසිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කර ඇති අපහාසයක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසනවා.

පොදු ජන පෙරමුණේ හිටපු ජාතක සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණෙන අවස්ථාවේදී ඔහු පිළිගැනීම සඳහා ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජියයන් කටයුතු කළ ආකරාය පාර්ලිමේන්තුවේ අවධානයට යොමු විය යුතු බව ඔවුන් ප්‍රකාශ කරනවා.

තම ආයතනයන් දේශපාලනීකරණයෙන් මුදා කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කොමිෂන් සභා සාමාජිකයන්ට විදිවිධානයන් පනවා තිබියදී, රටේ දේශපාලන පක්ෂයක ජාතික සංවිධායකවරයෙකු පිළිගැනීමට පොලිස් කොමිසම ඉදිපත් වීම පැහැදිලිවම පක්ෂ දේශපානයට අනුගතවීමක් බව එම සංවිධානය පෙන්වා දෙනවා.

පොලිස් කොමිෂන් සභාව පසුගිය කාලය තුළ දී ගත් ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳව සමාජය තුළ බලවත් සැක සංකා උපදවා ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසනවා.

පොලිස් කොමිෂමේ සභාපිතිවරයා ඇතුළු සාමාජිකයන්ගේ මෙවැනි හැසිරිම් තුළින් පොලිස් කොමිසමේ ස්වාධීනත්වයට බරපතල සරදමක් සිදු කර ඇති බව සංවිධානය පවසනවා. පාර්ලිමේන්තුව හරහා ස්වාධීනව ස්ථාපනය කරන ලද කොමිෂන් සභාවක් එලෙස කටයුතු කිරීම පාර්ලිමේන්තුවට ද කරන ලද අවමානයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමගින් අපහාසය සිදුව ඇත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බව ඔවුන් ප්‍රකාශ කරනවා.

එනිසා මෙම තත්වය තේරුම් ගෙන තමන් දරමින් සිටින තනතුරු වලින් පොලිස් කොමිෂමේ අදාළ සාමාජකයන් ඉවත්විය යුතු බවයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පැවසුවේ. එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තුව විසින් එවැනි නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බව ඔවුන් අවධාරණය කර සිටියා.

READ:   "කොම්පඤ්ඤ වීදිය " ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්