Tuesday, April 21, 2026
Homeදේශීයඅධ්‍යාපන පරිවර්තනයක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා - අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

අධ්‍යාපන පරිවර්තනයක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට වඩා අධ්‍යාපන පරිවර්තනයක් සිදුකිරීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

රටවල් 193ක් සාමාජිකත්වය දරන යුනිස්කෝ සංවිධානය අවසාන වාර්තාවට අනුව බලාපොරොත්තු වන්නේ අධ්‍යාපන ක්‍රමයේ නව පරිවර්තනයන් බව එතුමා ප්‍රකාශ කරනවා. එනිසා ආරම්භකිරීමට අපේක්ෂා කල අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන පරිවර්තනයක් බවට පත්කිරීමට මේ වන විට කටයුතු සිදුකෙරෙන බව එතුමා පවසනවා.

එළඹෙන ජනවාරි වන විට අධ්‍යාපනයේ ඇති පරිපාලනමය කොටස තුළ වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව එතුමා ප්‍රකාශ කළා.

අධ්‍යාපන පළාත් 09 තුළ ඇති කලාප 120 යටතේ පවතින පාසැල් වල අධීක්ෂණ කටයුතු කොවිඩ් 19 වසංගතය නිසා අවුරුදු 3 ක පමණ කාලයක් සිදු නොවූ බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එක් පාසැලක් ප්‍රමුඛ කරමින් පාසැල් පර්ෂද නිර්මාණ කරමින් සමාන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට ඉදිරියේදී අධ්‍යාපන ක්‍රමය තුළ පරිපාලනමය වෙනස්කම් රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව එතුමා ප්‍රකාශ කරනවා.

දැනට පවතින විද්‍යා පීඨ සියල්ල විශ්වවිද්‍යාල බවට පත්කිරීමටත් අධ්‍යාපනය සම්බන්ධ විශ්වවිද්‍යාලයක් තුළින් උපාධිදාරී ගුරුවරුන් පුහුණු කර පාසැල් වලට නිදහස් කිරීමට ද බලාපොරොත්තු වන බව අමත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   උසස් පෙළ කඩඉම් ලකුණු ළඟදීම
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්