2023 වර්ෂය සඳහා වන අය වැය වාර්තාව ඉදිරිපත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වන විට අද (14) පර්ලීමේන්තුව තුළදී සිදු කරනවා. දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය විශ්වවිද්‍යාලයක් මෙරට තුළ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.
ගෝලීය දේශගුණික විපර්යාසය අවම කිරිමේ අරමුණින් සහ දේශගුණික විපර්යාසයන් පිළිබඳ අධ්‍යාපනය, දැනුම සහ හැකියාව පුළුල් කරලීමේ අරමුණින් දේශගුණික විපර්යායයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් මෙරට ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එම වැඩසටහන සඳහා රුපියල් මිලියන සියයක මුදලක් අහිනව අය වැයෙන් වෙන්කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


