සීමා නිර්ණය කිරීමේ කොමිසන් සභාවේ සමාජිකයෙකු වශයෙන් ව්‍යවස්ථානූකූලව පත්වු තමා ඇතුළු සාමාජිකයන් දෙදෙනෙකු මැතිවරණ සීමා නිර්ණය කිරීමේ කමිටුවට පත් කර ඇති බවත් එම සීමා නිර්ණය කිරීමේ කමිටුව නිසා ඡන්දය කල්යනවා යැයි පැවසීම නිවැරදි මතයක් නොවන බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
මැතිවරණ කල් දැමීම සඳහා එවැනි බලපෑමක් සීමා නිර්ණය කිරීමේ කමිටුව මගින් සිදු කළ නොහැකි බවයි එතුමා පෙන්වා දෙන්නේ.
රාජ්‍ය වියදම අඩුකර ගැනීම සඳහා යැයි පිහිටුවා ඇති පළාත් පාලන සීමා නිර්ණය කිරීමේ කමිටුවේ වාර්තාව ජනාධිපතවරයාට ඉදිරිපත් කර ජනාධිපති අත්සන් කිරීමෙන් අනතුරුව එම වාර්තාව බලාත්මක වන තෙක් නොසිට වුවද මැතිවරණ කොමිෂන් සභාවට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බව එතුමා ප්‍රකාශ කළා.
මැතිවරණ කොමිෂන් සභාවට ඉහළින් පාර්ලිමේන්තුව, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් පවතින බවත් ඉන් භාහිර වෙනත් හස්තයක් ක්‍රියාත්මක නොවන බවත් එතුමා පෙන්වා දෙනවා.
සියල්ලට ඉහලින් පිහිටා ඇති ජනතා පරමාධිපත්‍යය බලය වෙනුවෙන් පාර්ලිමේන්තුව සහ අධිකරණ පෙනී සිටින බව පවසන එතුමා මැතිවරණ සීමා නිර්ණය කිරීමෙන් පසු මැතිවරණය කැඳවීමේ කටයුතු ඒ ඒ කොමිෂන් සභාවල කාර්යභාරයක් බව පෙන්වා දෙනවා.
එම විඩියෝ පටය පහතින්,


