Sunday, June 28, 2026
Homeදේශීයපාසැල් තුළ ඔත්තු බැලීමේ සේවයක් ඇති කළ යුතුයි - අමාත්‍ය ඩයනා ගමගේ...

පාසැල් තුළ ඔත්තු බැලීමේ සේවයක් ඇති කළ යුතුයි – අමාත්‍ය ඩයනා ගමගේ (VIDEO)

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම් ගැන සොයා බැලුවත්, මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එන්නේ කව්ද යන්න පිළිබඳව හරිහැටි සොයා නොබලන බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

මේ වන විට පාසැල් ළමුන් විෂ මත්ද්‍රව්‍ය වලට විශාල ලෙස ඇබ්බැහි වී සිටින බව පවසන අමාත්‍යතුමිය මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන්නන් හට දැඩි දඩුවම් ලබාදිය යුතු බව අවධාරණය කරනවා. මත් උවදුර සඳහා පමණක් හෝ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවයි එතුමිය පෙන්වා දෙන්නේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙන්ම මත්ජාවරම පිළිබඳව පාසැල් ළමුන් තුළින් ඔත්තු බැලීමේ ක්‍රමයක් සෑම පාසැලක් තුළම ඇති කළ යුතු බව එතුමිය ප්‍රකාශ කළා.

මෙරට සිටින ලක්ෂ පහක් පමණ වන මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් බන්ධනාගාර ගත කිරීම නිසා ඔවුන් පාතලය හා සම්බන්ධවී මත්ද්‍රව්‍ය ගණුදෙනුකරුවන් ලෙස නැවත සමාජයට පැමිණෙන බව එතුමිය පෙන්වා දෙනවා.

ඒ සඳහා උපක්‍රම බන්ධනාගාරය තුළම නිර්මාණය වී ඇති බවයි එතුමිය පවසන්නේ.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් අත්අඩංගුවට ගෙන සිරගත කරනවාට වඩා ඔවුන් අධිකරණය විසින් පුනරුත්ථාපනය සඳහා යොමු කළ යුතු බව එතුමිය ප්‍රකාශ කළා.

READ:   සිමෙන්ති බවුසරයක් අධිවේගයේදී කරණම් ගසයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්