Friday, June 5, 2026
Homeදේශීයදිවයින පුරා වැසි තත්වයයේ වැඩිවීමක්

දිවයින පුරා වැසි තත්වයයේ වැඩිවීමක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. එය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතිනු ඇත.නැගෙනහිර , ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වැසි තත්වයේ වැඩිවීමත් සමඟ ඇතිවෙන තද සුළං හේතුවෙන් මුහුද රළ රළුවිය හැකි අතර, මුහුදු රළ ගොඩට ගැලීමේ අවදානමක් පවතින බවට අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   සමෘද්ධිය දීපව්‍යාප්ත වැඩවර්ජනයක් අරඹයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්