Saturday, April 25, 2026
Homeදේශීයඅද හෙට බස්නාහිරින් එලියට බැස්සොත් මොකද වෙන්නේ - අජිත් රෝහන පැහැදිලි කරයි

අද හෙට බස්නාහිරින් එලියට බැස්සොත් මොකද වෙන්නේ – අජිත් රෝහන පැහැදිලි කරයි

බස්නාහිර පළාත තුළට පැමිණීමට පිට පළාතක සිට අවසර ඇති නමුත් යළි ලබන ඉරිදා තෙක් බස්නාහිරෙන් පිටවීමට අවසර හිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

එසේ බස්නාහිර පළාත තුළට පැමිණෙයි නම් ලබන ඉරිදා තෙක් එම පුද්ගලයින් බස්නාහිර පළාත තුළ රැදී සිටීමේ වැඩපිළිවෙලක් ද කල් තියා සූදානම්කර ගෙන පැමිණීම අවශ්‍යවේ. මේවන විටත් බස්නාහිර පළාත තුළ පදිංචි අයෙක් වෙනත් පළාතක සිටියි නම් ඔවුන්ටද පළාතට ඇතුළුවීමේ හැකියාව පවතී. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද(12) උදෑසන කියා සිටියේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික් අතර සාමාන්‍ය පරිදි ඒ ඇතුලත ජනතාවට සංචරණය කළ හැකි බවය. නමුත් පළාත් සීමා උල්ලංඝණය කළ නොහැකි වේ.  වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය ඊයේ සිට පියවර ගනු ලැබූ අතර ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මකය. යම් අයකු මෙම කාලය තුළ බස්නාහිර පළාතෙන් පිට පළාතකට ගොස් පනවා ඇති නීති උල්ලංඝනය කළහොත් එම පාර්ශවයන් අදාළ ස්ථානයේම දින 14ක් නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර ඉන් අනතුරුව නීතිමය පියවර ගන්නා බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

READ:   කුමන්ත්‍රණය හෙළිකරමින් ගෝඨාභය පොතක් ලියයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්