Tuesday, July 28, 2026
Homeදේශීයසෘජු බදු වැඩි නොකළොත් තවත් අමාරු කාලයක් පැමිණිය හැකියි - ජනාධිපති (VIDEO)

සෘජු බදු වැඩි නොකළොත් තවත් අමාරු කාලයක් පැමිණිය හැකියි – ජනාධිපති (VIDEO)

2019 නොවැම්බර් මාසයේදී බදු ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් ලැබීමට තිබූ අදායම 8.5%කට අඩුවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මෙරටට ලබා දීමට අකමැති වූ බව ජනාධිපතිවරයා පවසනවා. රටේ ආදායම අඩුවීමත් සමඟ කොවිඩි වසංගතය පැමිණීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නොසිතූ ලෙස කඩාවැටුණු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් තබා ගැනීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුවත් කර ඇති බවත් 2026 පමණ වන විට මෙරට අදායම් දළ දේශීය නිෂ්පාදනය 8.5% සිට 14.5% දක්වා වැඩිකර ගැනීමට තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ආදයම අඩුවීම හේතුවෙන් මුදල් මුද්‍රණය කිරීම නිසා රට තුළ උද්ධමනය 70% -75% දක්වා ඉහළ ගිය බව එතුමා පවසනවා.

මෙවැනි තත්වයක් තුළදී ආදායම වැඩිකර ගැනීමේ අරමුණින් රුපියල් 100,000කට වැඩි ආදායමක් ලබන පුදගලයින්ගෙන් ආදායම් බදු අයකරගැනීමට තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එලෙස සිදු කිරීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මෙරටට නොලැබීමේ හැකියාව පවතින බවත් එසේ වුවහොත් නැවතත් රට තුළ පෝලිම් යුගයක් නිර්මාණය විය හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඉදිරියේදි තවදුරටත් අමාරු තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ හේතුවෙන් අකමැත්තෙන් වුවද සමහර තීරණ ගැනීමට සිදුවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

සම්පූර්ණ ප්‍රකාශය පහතින්,

READ:   එන සතියේ උපයෝගිතා කොමිසමට නව සභාපතිවරයෙක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්