2022 ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු තරඟයෙන් පරාජයට පත්වීම පිළිබඳව ප්‍රවීණ ක්‍රීඩක ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග අදහස් පළ කර සිටියා.
නොහිතපු ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු තරඟයෙන් පරාජයට පත්වීම පිළිබඳව තමා මෙන්ම මෙරට සියලු දෙනා කණගාටුවට පත්වූවත් එවැනි අනපේක්ෂිත අවස්ථාවන්ට ක්‍රිකට් ක්‍රීඩාව තුළදී මුහුණ දීමට සිදුවන බව ලසිත් මාලිංග පවසනවා.
ශ්‍රි ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර පැවති පළමු තරඟය පිළිබඳව අදහස් දැක්වූ බොහෝ පිරිසක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් විසින් තරඟයේ යෙදවූ අවසන් පන්දුවාර කිහිපය සාර්ථක නොවීම ගැන අදහස් දක්වා තිබූ බවයි මාලිංග සඳහන් කරන්නේ.
එම තරඟය නැරඹූ කෙනෙකු සහ අවසන් පන්දුවාර යැවූ අත්දැකීම් ඇති පන්දුයවන්නෙකු ලෙස ලෙස, එවැනි අවසන් අවස්ථාවක් පන්දු යවන්නෙකු තේරුම්ගන්නේ කොහොමද? ක්‍රීඩා පිටිය තුළ පවතින දුර ප්‍රමාණය සැලසුම් සඳහා භාවිත කරන්නේ කොහොමද? පන්දු යැවීම සඳහා තමාට ඇති හැකියාව නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද? යන්න සහ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන තරඟයේදී කලින් සිදුවූ අඩුපාඩු මඟහරවා ගෙන නිවැරදිව පන්දු යැවිය යුත්තේ කොයි ආකාරයට ද යන්න පිලිබඳව තමන් අද පස්වරුවේදී අදහස් දැක්වීමට සූදානම් බව ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටියා.



