මෙරට ජනතාව ගොන්නු යැයි සිතමින් සමහර දේශපාලකයින් ජනතාව ඇන්ඳවීමට කටයුතු කරන බව පා.ම ඩිලාන් පෙරේරා පවසනවා.
ජනතාවගේ ආදරය දිනාගත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ භාවිත කරමින් ජනතාව ඇන්ඳවීම සඳහා ඇතෙමුන් කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ,
මහින්ද රාජපක්ෂ ගෙවුණු මැයි 9 හෝ ඊට පෙර ඉල්ලා අස්වූවා නම් අදටත් ජනතා ගෞරවය එතුමා සතුව පවතින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, අරලිය ගහ මන්දිරයට මිනිසුන් රැගෙනවිත් මහින්ද රාජපක්ෂ අන්ඳවා, අරගලයට පහරදුන් පිරිස නැවතත් මහින්ද රාජපක්ෂ පාවිච්චි කරමින් නැඟීසිටීමට උත්සහ ගන්නා බව සඳහන් කරනවා.
රනිල්ගෙන් රට බේරා ගැනීමට මහින්ද රාජපක්ෂට ඡන්දය ලබා දෙන්න යැයි ජනතාවට කියූ පිරිසම අද රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන්න යැයි කීමෙන් තවදුරටත් මහින්ද රාජපක්ෂගේ නාමය බාල්දු කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.


