Friday, April 17, 2026
Homeක්‍රීඩාවසර දෙකකට පසු නැවතත් සමස්ත ලංකා පාසල් ක්‍රිඩා තරඟ ආරම්භ කරයි

වසර දෙකකට පසු නැවතත් සමස්ත ලංකා පාසල් ක්‍රිඩා තරඟ ආරම්භ කරයි

2020, 2021 කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග පැවැත්විමට නොහැකි වූ අතර වසර දෙකකට පසුව මෙම වර්ෂයේ “ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2022” තරඟ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත. මෙමගින් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉස්මතු කිරීමටත් තරගාවලියේ දී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාම මූලික අරමුණ වේ.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග අදියර හතරකින් පැවැත්වෙන අතර එය කණ්ඩායම් තරග 31ක් සහ මලල ක්‍රීඩා තරග 32කින් සමන්විත ය. කණ්ඩායම් තරග පළාත් මට්ටමින් ද මලල ක්‍රීඩා තරග 2022-11-16 දින සිට 2022-11-20 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත. එහි අවසන් මහා තරගයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත ය.

මෙම සමස්ත ලංකා පාසල් තරගාවලියේ සමාරම්භක ක්‍රීඩා ඉසව්වක් ලෙස නෙස්ලේ ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් ජාතික මට්ටමේ සහ බස්නාහිර පළාත් අර්ධ මැරතන් තරගය ඔක්තෝබර් මස 08 වන දින ගම්පහ නගරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එහි දී අර්ධ මැරතන් තරගය සඳහා බාලක බාලිකාවන් 600ක් ද මැරතන් ධාවන තරගය සඳහා බාලක බාලිකාවන් 1200ක් ද සහභාගී වීමට නියමිත ය.
මෙම 2022 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පැවැත්වීම සම්බන්ධව මාධ්‍ය හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර එහි දී නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති බන්දුල එගොඩගේ මහතා විසින් අනුග්‍රාහක චෙක්පත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා වෙත භාර දෙන ලදි.

උපුටා ගැනීම

READ:   රෂීඩ් ඛාන්ට ශ්‍රී ලංකා තරඟ අහිමිවීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්