Wednesday, May 27, 2026
Homeදේශීයවිශේෂඥ වෛද්‍යවරු රට අතහැරයෑම බරපතළ තත්වයක් - සජිත් ප්‍රේමදාස (VIDEO)

විශේෂඥ වෛද්‍යවරු රට අතහැරයෑම බරපතළ තත්වයක් – සජිත් ප්‍රේමදාස (VIDEO)

මෙරට විශේෂඥ වෛද්‍යවරුන් රට අතහැර යෑමේ ප්‍රවණතාවයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කර සිටියා.


රට තුළ බරපතළ අර්බුධයන් ඇතිවීමට පෙර විපක්ෂය විසින් ආණ්ඩුවට ඒ බව පෙන්වා දුන්නත් ආණ්ඩුව එම ප්‍රශ්නකිරීම් මඟහැරිය බව විපක්ෂ නායකවරයා පවසනවා. පෝසතුන්ට බිලියන 600ක බදු සහන ලබා දීම, ෆිරිච් රේටීන් පහළ යැමේ අවධානම, මුහුණු ආවරණ පිළිබඳව, ඖෂධ , පොහොර, වැක්ෂීන්.. ආදී ගැටලු සියල්ල පෙන්වාදීමේදී එදා ආණ්ඩුවේ අවධානයට ඊට ලක් නොවූ බවත් අද වෛද්‍යවරුන් රට අතහැරයෑම පිළිබඳ ගැටලුවද එලෙස සැහැල්ලුවෙන් මඟහැරිය නොහැකි බරපතල ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

මෙම වසරේ අවසානය වන රට තුළ සිදුවෙමින් පවතින බුද්ධිගලනයේ ප්‍රතිථලය දැක ගැනීමට හැකි වනු ඇතැයි එතුමා ප්‍රකාශ කරනවා.
මඟහැරිමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට රට තුළ ළමා හා කන්තා මන්දපෝෂණ තත්වය ඉතා බරපතළ තත්වයකට පත්ව ඇති බවයි එතුමා ප්‍රකාශ කරන්නේ.

විපක්ෂ නායකවරයාට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා, වැරදුණු තැන් නැවත නැවත ප්‍රකාශ කිරීම වැරදි බවත් තමන් ගැටලු ඩිස්මිස් කරන කෙනෙකු නොවන බවත් ප්‍රකාශ කර සිටියා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා නොවැටෙන පරදි පවත්වාගැනීම පිළිබඳව තමන් සහතික වන බවයි, එතුමා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර සිටියේ.

READ:   BREAKING NEWS: පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්