Thursday, October 15, 2026
Homeදේශීයවිෂ සහිත ත්‍රීපෝෂා බෙදාහැරීමක් ගැන පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (VIDEO)

විෂ සහිත ත්‍රීපෝෂා බෙදාහැරීමක් ගැන පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (VIDEO)

විෂ සහිත ත්‍රීපෝෂා තොගයක් බෙදා හැරීම සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුව තුළදී විජේරත්න මන්ත්‍රීවරිය විසින් ප්‍රශ්න කර සිටියා.

ඇල්ෆාට්‍රොක්සින් විෂකාරකය අඩංගු ත්‍රීපෝෂා තොගයක් බෙදාහැර ඇති බවට පුවත්පතක සිදුකර ඇති පළකිරීම සම්බන්ධයෙන් විජේරත්න මන්ත්‍රීවරය විසින් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කළා.

මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළ යෑමත් නිසි නියාමනයකින් තොරව සිදුකරන මෙවැනි බෙදාහැරීම් නිසාත් මෙරට දරුවන්ගේ සහ මව්වරුන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්වී ඇති බවයි ඇය අවාධාරණය කර සිටියේ.

ඊට පිළිතුරු ඉදිරිපත් කරමින් අදාළ පුවත්පත් ප්‍රවෘත්තිය සහ එලෙස බෙදාහැරීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකර පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියා.

READ:   "මරණය" මත තුන් වරක් අත්සන් කර අත්ලාන්තික් මුහුදට ගිය ගමන.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්