
අද (21) උදෑසන සිට ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හංවැල්ල, ජල්තර – රණාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පේ ප්‍රදේශ සඳහා මෙම ජලය අත්හිටුවීම අද (21) උදෑසන 8 සිට ක්‍රියාත්මකයි.
ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකියක පිරිසිදු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.


