Categories: දේශීය

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර විශේෂ හමුවක් -2026.08.31 පස්වරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය අගෝස්තු 25 වන දින සිය අක්තපත්‍ර භාරදුන් නව තානාපතිවරයා, මෙරටට පැමිණි අවස්ථාවේ සිට ශ්‍රී ලාංකික ජනතාවගෙන් තමන්ට ලැබුණු උණුසුම් පිළිගැනීම අගය කළ අතර, ශ්‍රී ලංකාවේදී තමන්ට කිසිදු ආගන්තුක බවක් නොදැනුණු බවත් සිය ධුර කාලය තුළ දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීගුකාලීන මිත්‍රත්වය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට එලඹෙණ වසරේදී, වසර 70ක් සපිරීම මෙන්ම, 1952 අත්සන් තැබූ ඓතිහාසික චීන-ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

නව රජය යටතේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම අරමුණු කරගත් ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, දරිද්‍රතාවය තුරන් කිරීමේදී චීනය ලබා ඇති අත්දැකීම් ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදි අදහස් හුවමාරු විය.

චීනය වෙනත් රටවල් සමඟ කටයුතු කරන්නේ අදාළ රටවල ස්වෛරීත්වයට ගරු කරමින් සහ අන්‍යෝන්‍ය සංවර්ධනය අපේක්ෂාවෙන් බව තානාපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙත වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට චීන ආයෝජකයන් දිරිමත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය ලබාදෙන නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ සංවර්ධන මාර්ගය නිසා තමන් වැනි දුෂ්කර ග්‍රාමීය පසුබිමක සිටි අයෙකුට පවා රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු දක්වා පැමිණීමට අවස්ථාව හිමිවූ බව තානාපතිවරයා මෙහිදී තම පෞද්ගලික අත්දැකීම් බෙදාගනිමින් පැවසිය.

දෙරට අතර පවතින මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කළ අතර, මෙම අවස්ථාව සඳහා චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ උපදේශක මෙයි ජින්ග්, දේශපාලන අංශයේ චින් ලිගොන්ග්, තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ජින් එන්සේ යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරිහු පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර අංශයෙ නීතිඥ කල්පනා මධුභාෂිණී සහෝදරියද එක්ව සිටියහ.- NPP MEDIA

Recent Posts

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

2 hours ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

2 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

2 days ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

2 days ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

3 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

3 days ago