Categories: දේශීය

පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව අවුලක

මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට පෙර නොමැති කොන්දේසි සේම පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලී ගුරුවරුන් ලෙස කටයුතු කරන පුද්ගලයන්ට වයස් සීමා දමා මේ ක්ෂේත්‍රය විනාශ කරන්න රජය උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව සමග කරන සාකච්ඡාව අතරතුරදීය. පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය දුදරුවන්ට ඉගැන්වීමේත් සීමා දමා වෛද්‍ය සිසුන් පුහුණු වීමේ කාලය සම්බන්ධ කාලසීමා පනවා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ මුඛය කරා ගෙන යන තත්ත්වයක් මතුව ඇති බවත් පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය යන්න මහපොළොවේ යථාර්ථයක් නිසා මේ ක්ෂේත්‍රය ප්‍රගුණ කිරීමට ලබා දිය හැකි සහාය හා ශක්තිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය, හෙල වෙදකම යනු රටට අවශ්‍ය ක්ෂේත්‍ර බැවින් මේ සියලු දෙනාම එකට එකතු වී අපේ දේශීයත්වය සුරක්ෂා කර පාරම්පරික හෙල වෙදකම තුළින් රෝගීන් දශලක්ෂ ගණනින් නිරෝගී කළ නිසා මේ දැනුම ක්‍රියාදාමයන් ආරක්ෂා කරමින් මේ දැනුම හැකියාව හා දක්ෂතාව ඊළග පරම්පරාවට ද ගෙන යා යුතු බවත් හෙල වෙදකම, පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරන්න අවශ්‍ය නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Recent Posts

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

13 hours ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

2 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

2 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

2 days ago

Ceylon Green Life Plantation පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

5 days ago