file
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර සුහද හමුවක් පෙරේදා (28) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මෙම හමුවේදී මෙරට චීන තානාපති චී ෂෙන්හොං මහතා සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර සිටියේය.
දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන, වෙළෙඳාම, සංවර්ධන ආධාර සහ දෙරට අතර අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය අතර අදහස් රැසක් හුවමාරු විය.
චීන තානාපති චී ෂෙන්හොං මහතාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව සහ චීනය අතර නිර්මාණාත්මක සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරීත්වයක් පවත්වා ගෙන යාමේ වැදගත්කම ද නැවත නැවතත් මෙහිදී අවධාරණය කළේය.
රක්ෂණ ශ්‍රියන්ත (දිනමිණ)
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…