දේශීය

මැලේසියා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට

ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ Best Actor (හොඳම නළුවා) සම්මානය දිනාගෙන තිබේ.

ඔහු මෙම ජාත්‍යන්තර ඇගයීම හිමිකරගෙන ඇත්තේ “Riverstone” සිනමාපටයේ සර්ජන්ට් උදයසිරි ලෙස ඉදිරිපත් කළ විශිෂ්ට රංගනය වෙනුවෙනි. මෙම සම්මානය 9 වැනි Malaysia International Film Festival (MIFFest) සමග පැවති Malaysia Golden Global Awards 2026 උළෙලේදී ප්‍රදානය කර ඇත.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික සිනමාවට මෙන්ම දේශීය රංගන ක්ෂේත්‍රයටද ජාත්‍යන්තර මට්ටමේ තවත් විශිෂ්ට ඇගයීමක් ලෙස සැලකෙයි.

මහේන්ද්‍ර පෙරේරා මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️

#Riverstone #BestActor #MalaysiaGoldenGlobalAwards2026 #GoldenGlobalAwards #9MIFFest #MIFFest #MalaysiaInternationalFilmFestival #SriLankanCinema #SriLankanActor #AsianCinema #FilmAwards #InternationalRecognition #SergeantUdayasiri #ProudSriLankan #CinemaNews #EntertainmentNews #Awards2026 #Resonance

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

18 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago