දේශීය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන ඉහළ නැංවීමට අවධානය – අමාත්‍ය විජිත හේරත්

file

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන (Duty-Free Allowances) ඉහළ නැංවීම සහ දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය ජූලි 14 වැනිදා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

බැංකු පද්ධතිය ඇතුළු නිල මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැඩි ප්‍රතිලාභ සහ සහන ලබාදීම මෙන්ම, එම ක්‍රියාවලිය වඩාත් සරල හා කාර්යක්ෂම කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

එමෙන්ම, රේගු ක්‍රියාපටිපාටි සරල කිරීම, තීරුබදු සහන විදේශ ප්‍රේෂණ වාර්තා (Remittance Records) සමඟ සෘජුව සම්බන්ධ කිරීම සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම වැඩපිළිවෙළ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රේගුව, වාණිජ බැංකු සහ ලංකා රෙමිට් (Lanka Remit) ආයතනය අතර පවතින සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මෙහෙවර නිසි ලෙස ඇගයීමට ලක් කරමින්, ඔවුන්ට හිමිවිය යුතු තීරුබදු සහන සහ අනෙකුත් ප්‍රතිලාභ වඩාත් විනිවිදභාවයෙන්, සාධාරණව සහ ප්‍රායෝගිකව ලබාදීම රජයේ අපේක්ෂාව බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

3 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

3 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago