Monday, July 13, 2026
Homeදේශීයරනිල්ගේ IMF ගිවිසුමටත් එහා ගොස් අන්ත දක්ශිනාංශික IMF වැඩපිළිවෙළක් වාමාංශික ජවිපේ, අනුගමනය...

රනිල්ගේ IMF ගිවිසුමටත් එහා ගොස් අන්ත දක්ශිනාංශික IMF වැඩපිළිවෙළක් වාමාංශික ජවිපේ, අනුගමනය කරනවා – විපක්ෂ නායක

රටට පීඩනයක් ඇති කරන IMF ගිවිසුම සංශෝධනය කරන බවට පසුගිය මැතිවරණ සමයේ පවා පැවසූ බවත් මේ ගැටලුවේ දී සමගි ජන බලවේගය සේම ජාතික ජන බලවේගය ද IMF ගිවිසුම වෙනස කරන බවට පැවසුවත් අද බලයේ සිටිය ජාතික ජන බලවේගය ඒ සියල්ල අමතක කර රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිවිසුමටත් එහා ගොස් අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී වැඩපිළිවෙළක් කරා අනුර කුමාර දිසානායක මහතා ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පන්නල තලම්මැහැර පතිරණ උත්සව ශාලාවේ දී පැවැති පච මදිවට හොරු අනුර ෆේල් මහජන කථිකාව හා එක්වෙමිනි. මේ අවස්ථාව වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එක්විය. IMF කියනවාටත් වඩා එහා ගොස් IMF කොන්දේසි ආදිය සංශෝධනය කර IMF ගිවිසුම කියනවාටත් වඩා බදු අය කරමින් ඇති බවත් IMF ගිවිසුමට අනුව ප්‍රාථමික ගිණුම 2.3ක් විය යුතු යැයි සඳහන් නමුත් වත්මන් රජය 5.4ක් කරා ගොස් ඇති බවත් රටේ ජනතාවගේ කරපිට බදු පිට බදු පනවා IMF එක ළගට ගොස් ඒ ඉලක්කයා අභිබවා ඇති බවට පවසන බවත් රජයට අවශ්‍ය වී ඇත්තේ IMF එකේ සුරතලා වී පීඩනයට ලක් කිරීම බවත් මොවුන්ට අවශ්‍ය IMF කප් එක ගැසීමට බවත් ප්‍රාථමික ශේෂය දැන් අතිරික්ත වී ඇති බවත් ඊට අමතරව රාජ්‍ය ආදායම IMF ඉලක්ක අනුව 13.9ක් වුවත් වත්මන් රජය එය 15.4ක් පවත්වා ගෙන යන බවත් මේ සියල්ල කරන්නේ බදු ගසා රාජ්‍ය ප්‍රාග්ධන වියදම් ආදිය කපා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ආණ්ඩුව විපක්ෂයේ කටවහල් වහලා ස්වාධීන අපක්ෂපාතී අධිකරණයටත් අයුතු බලපෑම් සිදු කරනවා එසේම අද බොරුවෙන් වංචාවෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව ඇන්දවූ රජය එක පැත්තකින් ටොම් පච කීමත් තවත් පැත්තකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය විනාශ කරමින් ගරු අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරන බවත් මේ රජය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණක් වන අධිකරණය රජයේ අතකොලුවක් බවට පත් කර ගැනීමට උත්සාහ කරන බවත් උපරිමාධිකරණවල ගරු විනිසුරුවරුන්ගේ තනතුරු පුරප්පාඩු පවා තිබියදී ඒවා සම්පූර්ණ නොකිරීමටත් ගර විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමටත් රජය උත්සාහ කරන බවත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියා බලයට පැමිණි මේ රජය දැන් අධිකරණයට බලපෑම් කරන්න යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ රජය හිටපු රජය අත්සන් කළ IMF ගිවිසුමටත් එහා ගිය ක්‍රමවේදයක් අනුගමනය කරනවා රටට පීඩනයක් ඇති කරන IMF ගිවිසුම සංශෝධනය කරන බවට පසුගිය මැතිවරණ සමයේ පවා පැවසූ බවත් මේ ගැටලුවේ දී සමගි ජන බලවේගය සේම ජාතික ජන බලවේගය ද IMF ගිවිසුම වෙනස කරන බවට පැවසුවත් අද බලයේ සිටිය ජාතික ජන බලවේගය ඒ සියල්ල අමතක කර රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිවිසුමටත් එහා ගොස් අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී වැඩපිළිවෙළක් කරා අනුර කුමාර දිසානායක මහතා ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ⁣මාලිමා රජය IMF එකේ සුරතලා වෙලා IMF කියනවාටත් වඩා එහා ගොස් IMF කොන්දේසි ආදිය සංශෝධනය කර IMF ගිවිසුම කියනවාටත් වඩා බදු අය කරමින් ඇති බවත් IMF ගිවිසුමට අනුව ප්‍රාථමික ගිණුම 2.3ක් විය යුතු යැයි සඳහන් නමුත් වත්මන් රජය 5.4ක් කරා ගොස් ඇති බවත් රටේ ජනතාවගේ කරපිට බදු පිට බදු පනවා IMF එක ළගට ගොස් ඒ ඉලක්කයා අභිබවා ඇති බවට පවසන බවත් රජයට අවශ්‍ය වී ඇත්තේ IMF එකේ සුරතලා වී පීඩනයට ලක් කිරීම බවත් මොවුන්ට අවශ්‍ය IMF කප් එක ගැසීමට බවත් ප්‍රාථමික ශේෂය දැන් අතිරික්ත වී ඇති බවත් ඊට අමතරව රාජ්‍ය ආදායම IMF ඉලක්ක අනුව 13.9ක් වුවත් වත්මන් රජය එය 15.4ක් පවත්වා ගෙන යන බවත් මේ සියල්ල කරන්නේ බදු ගසා රාජ්‍ය ප්‍රාග්ධන වියදම් ආදිය කපා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අදටත් වී ගොවියාට රු. 17ක් පාඩුයි බංකොලොත් වූ අප රටේ තවමත් ආදායම් වියදම් සමීක්ෂණයක් කර දරිද්‍රතා රේඛාව හඳුනා ගන්න තවමත් කටයුතු කර නොමැති බවත් මේ රජයට සෑම දෙයක්ම පටලවා ගත් L board ආණ්ඩුවක් බවත් කිසිදු දෙයක් ගැන අවබෝධයක් මේ රජයට නොමැති බවත් අද ගොවියා මහපාරට බැස වී සඳහා ස්ථාවර මිලක් ඉල්ලා සිටින බවත් වත්මන් රජය මැතිවරණ සමයේ රු. 150ක සහතික මිල දෙනවා කිව්වත් අද දෙන්නේ රු. 120ක් බවත් ගොවියාට වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රු. 137ක් වැය වන බවට කෘෂිකර්ම ඇමතිවරයා පවසන බවත් මේ රජය ගොවියාට රු. 17ක් පාඩු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය අධ්‍යාපනය වෙනස් කරනවා කිව්වට ඒකවත් හරියට කර ගන්න බැහැ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා කියා ඉතිහාස විෂය හර විෂයක් ලෙස පවත්වාගෙන යාම පවා ප්‍රතික්ෂේප කර ඇති බවත් 41 ලක්ෂයක් නිදහස් අධ්‍යාපනයේ දූදරුවන්ට ඉතිහාසය හර විෂයක් විය යුතු වුවත් රජය එය නැති කර ඇති බවත් තොරතුරු තාක්ෂණය හා පරිගණ විද්‍යාව පවා ආරම්භ වන්නේ 6-13 සිංහල භාෂාවෙන් බවත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති පවා රජය අමතක කර ඇති බවත් දැන්වත් මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අද රටේ හරිහමන් ආයෝජනයක්වත් සිදු වෙන්නේ නැ එදා ඇගලුම් කම්හල් ආරම්භ කරන විට ඒවා විවේචනය කර ගිණිබත් කරන්න පවා කටයුතු කළ අය සිටි බවත් දැන් රටේ ඇති කම්හල් පවා රට අතහැර යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

READ:   සමගිය ඇති පරිසරයක් වෙනුවෙන් චතාරික සමය අවියක් කරගන්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්