මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව අද (26) කොළඹදී විශාල ජනතා සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් පැවැත්වුණා.
ගාලු මුවදොර සිට කොල්ලුපිටිය මංසන්ධිය දක්වා පැවති මෙම පාගමන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය සහ තවත් රාජ්‍ය ආයතන රැසක් ඊට එක්ව සිටියා.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහභාගී වූ අතර, මත්ද්‍රව්‍යයට එරෙහි ජාතික මෙහෙයුම යටතේ මේ වන විට සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ඔහු සඳහන් කළා.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය කිරීම සහ ජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය ජාතික යාන්ත්‍රණය මේ වන විට ස්ථාපිත කර ඇති බවයි.
එමෙන්ම, අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ මහජන ආරක්ෂක කමිටු මඟින් මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද ඔහු පැවසුවා.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ විශාල ජනතාවක් එක්ව සිටියා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…