file
නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත සෘතු සප්තකයක් (කන්න 7ක්) පුරා සිය වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් 2026 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 1200 ක (කෝටි 120ක) වෙන් කෙරිනි ඒ අනුව, තිහගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් පීඩාවට පත් ප්‍රතිලාභී ගොවීන් 781 දෙනෙකු සඳහා අද දින චෙක්පත් බෙදා දීම මිදෙල්ලවල පුරාණ මහ විහාරයේ දි සිදු කෙරුණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා, තිහගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් ජයසේකර මහතා සහභාගී වූහ. නිලධාරීන් වෙනුවෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රුමිළ ලොකුහෙට්ටි මහතා ඇතුළු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් සහ ප්‍රතිලාභී ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…