file
යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම දරුණු උණුසුම් රැල්ල හේතුවෙන් එරට ප්‍රධාන නගර රැසක උෂ්ණත්ව වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇත.
ප්‍රංශයේ බෝඩෝ වයින් කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.9 ක් ලෙස සටහන් වන අතර එය මීට පෙර පැවති උපරිම සෙල්සියස් අංශක 41.2 ක වාර්තාව අභිබවා යාමක් ලෙස සදහන් වේ.
පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ පාසල් වසා දැමීමට හෝ කාලසටහන් සංශෝධනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
එමෙන්ම ස්පාඤ්ඤයේ සාමාන්‍යයෙන් සිසිල් දේශගුණයක් සහිත උතුරුදිග ප්‍රදේශවල ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙන්නේ ගෝලීය සාමාන්‍ය උණුසුම මෙන් දෙගුණයකටත් වඩා වැඩි වේගයකින් යුරෝපය උණුසුම් වෙමින් පවතින බවයි.
: දිනමිණ
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…